සිය පත

සිය පත

සිය පත

මුදු කුසුමකි
සුසුදු පැහැ’ති
පත් සියයකි
රළු නටුවෙකි

මඩෙන් නැගී
ඔදෙන් වැඩී
හරි පුදුමෙකි
මඩ ගඳ නැති

රොනට ඇදෙන
බිඟු කැළ නිති
මඩ දිය ගැන
වගකුදු නැති

රොන් අරගෙන
බිඟු ගිය කල
පෙති මත පිනි
කඳුලු තිබුණි

මසිත පැනකි
නිතැතින් නැඟි
බිඟු තුඩු දැඩි
වැඩිද සිතිනි

 

You must be logged in to post a comment

error: Content is protected !!